Monday, August 8, 2016

නැදුන්ගමුවේ රාජා ගැන නොදත් කතා.

බුද්ද වර්ශ 310 යනු බෞද්ධයන්ගේ පුණ්යය වාසනා ගුණ මහිමයෙන් හෙලදිව පිදුම් ලැබූ වසරකි. ශ්රී සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්රී දේහය ආදාහනයෙන් පසුව නොවිසිරී ඉතිරි වුනු සප්ත ධාතූන් වහන්ශේලා අතර වූ වාම ශ්රී දන්ත ධාතූන වහන්සේ හෙළදිවට වැඩම කලේ එම වර්ශයේදීය.

<!--more-->

හේමමාලාදන්ත දෙපළ විසින් ලංකාවට රැගෙන ආ මේ සුපූජනීය වස්තුව මහත් සැදැහැබර භක්තියෙන් බාරගත් කීර්ති ශ්රී මේඝවර්ණ රජු රජතුමා දළදා මාලිගාවක් ඉදිකරවා, දිනපතා පූජාවන් සහ වාර්ෂිකව පෙරහැර පවත්වා ආරම්භ කරපු දළදා පූජාවන් සියවස් ගණනාවක් පුරා පැවතගෙන පැමින අද දක්වාම ක්‍රියාත්මක වේ. 
එම විචිත්‍රවත් වූ දළදා පූජාවන් අතරින් ඇසළ පෙරහැර මංගල්යය හෙළයේ මහා කලා මංගල්යයක් ලෙසින් පිළිගැනේ. අලි ඇතුන් සියයකගේ පමණත්, කලා ශිල්පීන් දහසකගේ පමණත් සහභාගීත්වයෙන් දින දහයක් පුරා වීදි සංචාරයේ යෙදෙන මේ පෙරහැර මංගල්යයට සමාන වූ වෙනත් සංස්කෘතික මංගල්යයක් ලෝකයේ මුණ ගැසෙන්නේ නැත.


බුද්ධ වර්ෂ 2559 වැන්නේ, එ් කිව්වේ මේ වසරේ(2016) දළදා පෙරහැරේ කරඬුව වැඩම කරවන්නට සූදානමින් සිටින්නේ නැදුන්ගමුවේ රාජා හස්තියා. සකල තේජසින් අනූනනැදුන්ගමුවේ ඇතා” මේ 11වන වරටයි කරඬුව වැඩමවීමේ භාග්යය උදා කරගන්නේ. පුරා දින දහයක් කරඬුව වැඩම කරවන එක සුළුපටු කාර්යයක් නෙමෙයි. එය ඉතාමත් වෙහෙසකර කටයුත්තක්.

නැදුන්ගමුවේ රාජා ඇත් පැටියා සමග තවත් ඇත් පැටියෙකු ලංකාවට පැමිණියේ ඉන්දියාවෙන්ය. මාහරගම නීලම්මහර වෙද හාමුදරුවෝ තමයි ඇත් පැටවුන්ගේ මුල්ම භාරකරු. ඉන්දියාවේ මයිසූර්වල මහ රාජා කෙනෙකුගේ නෑයෙක්ට වෙදකම් කිරීම නිසා ත්යගයක් ලෙස එම මහරාජා විසින් මෙම ඇත් පැටවු දෙදනා උන්වහන්සේට ප්‍රධානය කර තිබෙනවා.

පසු කලෙක නීලම්මහර වෙද හාමුදුරුවෝ මෙම ඇත් පැටවුන්ගේ භාරකාරත්වය වෙනත් දෙදෙනෙකුට පවරා තිබෙනවා. එක් පැටියෙක් ඇඹිලිපිටියට ගිහින් පසු කළෙක ගංඟාරාම විහාරස්ථානයේ හැදී වැඞී මීට ටික කලකට පෙර මිය ගියා. ඇතාගේ නම නවම් රජා විය.

අනෙක් ඇත් පැටියා හොරණ උඩුව පාළාතට ගියමුත් වසර විසිපහකට පමණ පසු නැදුන්ගමුවේ පණ්ඩිත වෙද රාළහාමිගේ දයාබර කැදැල්ලට පිවිසෙන්නේ නැදුන්ගමුවේ රාජා ලෙසින්ය. වෛද් හර්ෂ ධර්ම විජය මහතාට වන විට වසර දහ හතක් පමණ විය. දැන් නැදුන්ගමුවේ ඇත් රජුට වසර හැටක් පමණ වේ. මේ වන විට නැදුන්ගමුවේ මේ පින්බර ඇත් රජු වසර 10ක් උතුම් දලදා කරඬුව වැඩම කර තිබෙනවා.




නැදුන්ගමුවේ රාජා හස්තියා දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න දවස් හතක් මුළුල්ලේ පයින් ගමන් කරනවා. මේ තමයි දළදා පෙරහැර වෙනුවෙන් පයින් එන එක ඇතා. රාත්‍රී හතක් පුරාව නින්දක් නො ලබා ගමන් කරන නැදුන්ගමුවේ රාජා මාලිගාවේ ඇත්ගාලට ආවට පස්සෙයි නින්දක් ලබා ගන්නේ.

නුවර දළදා පෙරහැර පමණක් නොව, රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැරටද සහභාගි වන හස්තියා එහි යන්නේ පා ගමනිනි. ඇත්ගොව්වා සමග පා ගමනින් යන හස්තියාගේ ගමන නිරීක්ෂණය කිරීම සඳහා හර්ෂ විජය වෙද රාළහාමිද වාහනයෙන් යයි.

මොන තරම් උසස් ගුණ ශෝභාවන් තිබුණත් පෙරහැරට සම්බන්ධ වෙන හැම ඇතා දළදා කරඬුව වැඩම කරවන්නට සමත් වෙන්නේ නැහැ. ඇතා මාලිගාවේ වාහල්කඩින් ඇතුළු වුණොත් පමණයි කරඬුව වැඩම කරවන්නට අවස්ථාව සැලසෙන්නේ. ඇතුන් වාහල්කඩින් ඇතුළු කරන එක පහසු දෙයක් නෙවෙයි. මේ නිසා අවුරුදු ගණනාවක් පෙරහැරට සම්බන්ධ වුණත් බොහෝ ඇතුන්ට කරඬුව වැඩම කරවන්නට භාග්යය ලැබිලා නැහැ. අතින් නැදුන්ගමුවේ රාජා ඉතා පිංවන්ත ඇත් රාජයෙක්ය



පෙරහැරට සම්බන්ධ වන අලි ඇතුන් හොඳින් නාවලා, කවලා පොවලා, සත්කාර දක්වලා තමයි වාහල්කඩින් ඇතුළු කරන්නේ වගේ පෙරහැරට සූදානම් කරවන්නේ. නැදුන්ගමුවේ රාජා පෙරහැර අවසානයේ තමන්ගේ ඇඳුම් ඉවත් කරනවාටත් අකැමැතියි. වගේම අවසන් පෙරහැරින් පස්සෙ ගම්බිම් බලා පිටත් වෙනකොට  ඇස් කඳුළින් පිරෙනවා. නෙළුම් මල් හොඬින් අරගෙන දළදා මාලිගාව ඉදිරිපිටට ඇවිත් මල දිගු කර දණහිස් නමා වන්දනා මාන කරල තමයි රාජ ගම්බිම් බලා පිටත් වෙන්නෙ.

ආසියාවේ සිටින හීලෑ ඇතුන්ගෙන් උසම ඇතා ලෙස පැවසෙන නැඳුන්ගමුවේ හස්තියාගේ උස අඩි 11 1/2කි. 2005 වසරේදී හා හා පුරා කියා දළදා කරඬුව වැඩම කිරීම සඳහා හස්තියාව තෝරාගන ලැබුවේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතාය.එතෙක් සම මට්ටමක උසකින් යුත් හස්තින් කරඬුව වැඩම කිරීම නිසා කරඬුව බැඳීම ගැටලූවක් වූයේ නැත. නමුත් අඩි එකොළහකටත් වඩා උස නැඳුන්ගමුවේ හස්තියාගේ පිටෙහි කරඬුව ගැට ගැසීම යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්වූයේ හස්තියාගේ උස නිසාය. කරඬුව තැන්පත් කරන මංජුසාවේ නිමාවේ යම් වෙනසක් කරන්නට සිදුවූයේ මෙම හස්තියාගේ උස වැඩිකම නිසාය.

නැඳුන්ගමුවේ ඇතාගේ දළ අඩි 5ක් දිගය. ධර්ම විජය මහතා පවසන්නේ තවත් අඩි 2ක් පමණ ශරීරය තුළට දළ ගැබ්ව ඇති බවය. දක් දේශීය වෛද්යවරුන් වන ධර්ම විජය හා හර්ෂ විජය වෙද පරපුරේ රතිකාර නිසාත්, දිනපතා ලැබෙන පෝෂ්යදායි ආහාර සත්කාරය නිසාත්, නැඳුන්ගමුවේ හස්තියා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය මැද යහතින් වැජඹෙයි
සිය පිට මත දළදා කරඬුව තැබීමෙන් පසු ඇත් රජු මහ ආඩම්බර විලාශයක් ගන්නවා. පාවඩ නොමැතිව හෝ පාවඩින් පිටත හෝ එක් අඩියක් නොතබන මේ සද්දන්තයා පෙරහරේ ගමන් කරනුයේ සක්විති රජෙකු විලසය. නැදුන්ගමුවට පමණක් නොව මුළු රටටම මහ අභිමානයක් ගෙන දෙන ඇත් රජු වෙනුවෙන් රට වැස්සෝ පතන එක් පැතුමක් ඇත. එනම් තව තවත් එඩි බලය ආයු බලය ලැබේවා යන්නයි.




Subscribe කරල එකතු වෙන්න අපේ වෙබ් අඩවියත් සමග.

No comments:

Post a Comment