Friday, August 12, 2016

ලංකාවේ තියෙන අන්තර්ජාතික ක්‍රිකට් පිට්ටනි

ලංකාව කියන්නෙ ලෝකෙ අංක එකේ ක්රිකට් ෆෑන්ස්ල ඉන්න රටක්. ඉතින් ඔයාල හිතයි ලංකාවෙ ග්රව්න්ඩ් ගැන අපි දන් නැතිද කියලහැබැයි ඔයාල සමහරු අහලවත් නැති බොහොම අවාසනාවන්ත ක්‍රිකට් ග්‍රව්න්ඩ් තියෙනව ලංකාවෙ. හැබැයි ටිකක් දුකත් හිතෙයි අපරාදෙනෙ මේ ග්රව්න්ඩ් කියලා.. එතකොට  ලංකාවෙ අන්තර්ජාතික ක්‍රිකට් ග්‍රව්න්ඩ් කීයක් තියෙයිද? මේ ඔක්කොම දේවල් දැනගන්නත් එක්ක කියවන්නකො මේ ලිපිය ඉවර වෙනකම්...

<!--more-->
අද වෙනකොට අපේ රටේ අන්තර්ජාතික ක්‍රිකට් ග්‍රව්න්ඩ් 10ක් තියෙනව. මේ ඔනි ග්‍රව්න්ඩ් එකක ඔනි වෙලාවක අපට මැච් ගහන්න පුලුවනි. හැබැයි අද අපේ ක්‍රිකට් බෝඩ් එක  ජාත්‍යන්තර මැච් සෙල්ලම් කරන්නෙ මේවායින් ග්‍රව්න්ඩ් කිහිපයක විතරයි යොදාගන්නෙ. හොදයි අපි එහෙනම් මතක් කරගමු ග්‍රව්න්ඩ් ටික එකින් එක.


01. අස්ගිරිය ක්‍රිකට් ක්‍රීඩාන්ගනය (මහනුවර)

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සතු ඉඩමක ඉදිවී ඇති අස්ගිරිය ක්‍රීඩාන්ගනයේ අද වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග සදහා භාවිතා කරන්නේ නෑ. පාසලකට හිමිකම් කියන ලෝකෙ තියෙන එකම අන්තර්ජාතික ක්‍රිකට් ග්‍රව්න්ඩ් එක තමයි අස්ගිරිය ග්‍රව්න්ඩ් එක. ඉදිකර තීයෙන්නේ 1915 වසරෙදීයි (පී සරවනමුත්තු ග්‍රව්න්ඩ් එකට පස්සෙ ලංකාවෙ දෙවනි ටෙස්ට් ග්‍රව්න්ඩ් එක).
කෙන්යානු කන්ඩායමට ලකුනු 398ක් ගහල අපේ ටීම් එක එක්දින ලෝක වාර්තාවක්(කන්ඩායමක් රැස්කල වැඩිම ලකුනු ගනන) තිබ්බෙත් මේ ග්‍රව්න්ඩ් එකේදී තමයි. ඒ 1996 ලෝක කුසලානයේදීයි.
ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහි ප්‍රථම ටෙස්ට් තරගයත් දිනුවෙත් මේ ග්‍රව්න්ඩ් එකේදියි. එ 1999 වසරෙදීයි.
ප්‍රේක්ශකයො 10300කට එකවර තරග නරබන්න පුලුවන් මෙහි.
First Test22–26 April 1983: Sri Lanka vAustralia
First ODI2 March 1986: Sri Lanka v Pakistan


02. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගනය / Colombo Cricket Club Ground (CCC Ground)

ලෝකෙ තියෙන කුඩාම ටෙස්ට් ග්‍රව්න්ඩ් වලින් එකක් තමයි කොළඹ CCC ග්‍රව්න්ඩ් එක. ප්‍රේක්ශකයො 6000ක්ට ඉඩ පහසුකම් තියේ මේ ග්‍රව්ඩ් එකේ. මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් තරග පවත්වන් නැති අතර ශ්‍රී ලංකා ඒ. ටීම් එකේ තරග හා පුහුනු තරග විතරයි පවත්වන්නෙ.
First Test14 March 1984: Sri Lanka v New Zealand
පන්දු යවන අන්ත දෙක Press Box End හා Pavilion End ලෙස හදුන්වයි.
2006 වසරේදී 19න් පහල ලෝක කුසලානය සදහාත් මේ ග්‍රව්න්ඩ් එකේ තරග පවත්වනු ලැබුවා.





03. ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාන්ගනය

ලෝකෙ තියෙන ලස්සනම ග්‍රව්න්ඩ් එකක් වන ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාන්ගනය පිහිටවූයේ 1876 දීයි. ඒත් ඒ ක්‍රිකට් ගහන්න නම් නෙවෙයි, රේස් පදින්නයි. 1927දී තමයි ක්‍රිකට් ග්‍රව්න්ඩ් එකක් කලෙ. හැබැයි අන්තර්ජාතික ක්‍රිකට් ග්‍රව්න්ඩ් එකක් වුනේ නම් 1998 දීයි.
First Test3–7 June 1998: Sri Lanka v New Zealand
First ODI25 June 1998: Sri Lanka v India
මුරලි ලෝක වාර්ථාවක් වන 800වන ටෙස්ට් කඩුල්ල ලබා ගත්තෙත් මේ ග්‍රව්න්ඩ් එකේදීයි.

2004දී සුනාමි ව්‍යසනයෙන් සුන්බුන් ගොඩක් වෙලා ගියපු මේ ග්‍රව්න් එක යලි ප්‍රතිසංස්කරනය කරල විවෘත කලේ 2006 මැයි 8 වෙනිදායි.
මෙම අලුත්වැඩියා කටයුතු වලට ආසන්න වශයෙන් කෝටි 50ක මුදලක් වැය වෙලා තියෙනව. මේ මුදල් හොයාගන්න සහය වුන දෙන්නෙක් තමයි ඔස්ට්‍රේලියාවෙ ශේන් වෝන් හා එන්ගලන්තයේ සර් ඉයන් බොතම්. කෝටි 50ම නම් නෙවෙයි, එත් අපි අසරණ වෙලා හිටපු වෙලේ ඔවුන්ගේ ඉදිරිපත් වීම ගෞරවයෙන් මතක් කරන්න ඕනි ලංකාවෙ ක්‍රිකට් රසිකයො විදිහට. මොකද මන් කලින් කිව්ව වගේ අපි තමයි ලෝකෙ ඉන්න හොදම ක්‍රිකට් රසිකයො.
ඒ වගේම මේ ග්‍රව්න්ඩ් එක හෙක්ටයාර 4.216ක් තරම් විශාල ලෝකෙ තියෙන ලොකුම ග්‍රව්න්ඩ් වලින් එකක්. ප්‍රේක්ශකයො 35,000කට එකවර තරග නරබන්න පුලුවන් මෙහි.


04. සූරියවැව් මහින්ද රාජපක්ශ ක්‍රිකට් ක්‍රීඩාන්ගනය

හම්බන්තොට, සූරියවැව තියෙන මේ ග්‍රව්න්ඩ් එක විවෘත කලේ 2009දීයි. ප්‍රේක්ශකයින් 35000කට තරග නැරබීමට හැකියාව තිබේ.

2011 එක්දින පන්දුවාර 50 ලෝක කුසලානය හා 2012 පන්දුවාර 20 ලෝක කුසලානෙට මේ ග්‍රව්න්ඩ් එක භාවිත කලා.
First ODI20 February 2011: Sri Lanka vCanada
First T20I1 June 2012: Sri Lanka v Pakistan






05. පී. සරවනමුත්තු ක්‍රිකට් ක්‍රීඩාන්ගනය.

පී. සරා ඕවල් ලෙසද හදුන්වන මෙම ග්‍රව්න්ඩ් එක තියෙන්නෙ කොළඹ බොරැල්ලෙ. 1945දී තමයි මේක ඉදිකෙරුවෙ. මෙය කොළඹ ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට අයත් ග්‍රව්න්ඩ් එකක්.
ටෙස්ට් වරම් දිනාගත්තට පස්සෙ 1982 දී ශ්‍රී ලංකාව තම පලමු ටෙස්ට් තරගය එන්ගලන්තයට එරෙහිව ක්‍රීඩා කලේ මේ ග්‍රව්න්ඩ් එකේදියි.
ඒ වගේම 1985දී ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහිත ප්‍රථම ටෙස්ට් ජයග්‍රහනය ලැබුවෙත් මේ ග්‍රව්න්ඩ් එකේදිමයි.
First Test17–21 February 1982: Sri Lanka vEngland
First ODI13 April 1983: Sri Lanka v Australia
First T20I1 February 2010: Afghanistan vIreland
මෙහි ප්‍රේක්ශකයන් 15000කට තරග නැරඹිය හැකියි.


06. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාන්ගනය

මේ ග්‍රව්න්ඩ් එක 2009 නොවැම්බර් 27 වන දින තමයි විවෘත කලේ. ප්‍රේක්ශකයින් 35000කට මෙහි තරග නැරබීමේ ඔපහසුකම් තියෙයි.
First Test1–5 December 2010: Sri Lanka vWest Indies
First ODI8 March  2011: Pakistan v New Zealand
First T20I6 August 2011: Sri Lanka v Australia



07. ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාන්ගනය.

ඉස්සර කෙත්තාරාම කියල හදුන්වපු මේ  ග්‍රව්න්ඩ් එක දැන් හදුන්වන්නේ ආර්. ප්‍රේමදාස ග්‍රව්න්ඩ් එක කියලයි. මෙය ඉදිකෙරුවේ 1986 දීයි. 2011 ලෝක කුසලානය සදහා සිදුකල නවීකරණ කටයුතු වලින් පස්සේ 35000ක පිරිසකට එකවර තරග නරඹන්න පුලුවන් මේ ග්‍රව්න්ඩ් එකේ.
First Test28 August – 2 September 1992: Sri Lanka v Australia
First ODI5 April 1986: Sri Lanka v New Zealand
First T20I10 February 2009: Sri Lanka v India
ලෝක වාර්ථා පොත් අලුත් කරවපු ඉන්දියා ශ්‍රී ලංකා ටෙස්ට් තරගය පැවැත්වුනෙත් මේ ග්‍රව්න්ඩ් එකේදිම තමයි.1997 වසරෙදි පැවැත්වුනු මෙම තරගයේදී පලමු ඉනිම බැට් කරපු ලංකාව කඩුලු 6කට ලකුනු 952ක් (952/6) රැස් කලා. 
ටෙස් තරගයකදී එක් ඉනිමකදී කන්ඩායමක් රැස්කල වැඩිම ලකුනු ගනන ලෙස එය අදටත් වාරථා පොත් වල සටහන් වෙනව.
එසේම මේ මැච් එකේදී අපේ සනත් ලකුනු 340ක්ද රොශාන් මහනාම ලකුනු 225ක්ද රැස්කලා.


08. රන්ගිරි දබුලු ක්‍රිකට් ක්‍රීඩාන්ගනය.
30,000ක ප්‍රේක්ශක පහසුකම් සහිත මෙම ග්‍රව්න්ඩ් එක රංගිරි දඹුලු විහාරයට අයත් දේපලක්. අක්කර 40ක භූමියක් සහිත මෙම ග්‍රව්න්ඩ් එක ඉදිකර තියෙන්නෙ 2000 අවුරුද්දෙ දීයි.
මෙ ග්‍රව්න්ඩ් එකේ තාම ටෙස්ට් මැච් එකක් පවත්වල නෑ.
First ODI23 March 2001: Sri Lanka v England
First T20I19 November 2014: Hong Kong v Nepal









09. සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාන්ගනය.(SSC)
SSC ග්‍රව්න්ඩ් එක කියන්නෙ ක්‍රිකට් උම්මාදයෙන් පෙලෙන කාටත් කවදාවත්ම අමතක වෙන්නෙ නැති ග්‍රව්න් එකක්. හේතුව තමයි සන්ගගෙයි මහේලගෙයි ලකුණු 624ක ටෙස්ට් පාට්නර්ශිප් එක. ලෝකෙ හොදම ටෙස්ට් පාට්නර්ශිප් එක ලෙස අදටත් වාර්ථාපොත් වල සටහන් වෙලා තියෙන මෙම තරගය පැවැත්වුනේ 2006 ජූලි 27 දින දකුනු අප්‍රිකානු පිල සමගයි. මෙම තරගයේදී මහේල ලකුනු 374කුත් සන්ගක්කාර ලකුනු 287කුත් ලබා ගත්තා.
මේ ග්‍රව්න්ඩ් එක හදල තියෙන්නෙ 1952 වසරෙදි. නරඹන්නන් 10000කට පහසුකම් තියෙනව මේ ග්‍රව්න්ඩ් එකේ.
First Test16–20 March 1984: Sri Lanka v New Zealand
First ODI13 February 1982: Sri Lanka vEngland
First T20I3 February 2010: Canada v Ireland


10. මොරටුව ද සොයිසා ක්‍රීඩාන්ගනය
1952දී ගොඩනගපු මොරටුව ද සොයිසා ක්‍රීඩාන්ගනයේ නරබන්නන් 15000කට ඉඩ තියෙනවා. මොරටුව ක්‍රිකට් සමාජයට අයිති ග්‍රව්න්ඩ් එකක් මේක.  ලංකාවට ටෙස්ට් වරම් හම්බෙන්න කලින් 1979දී බටහිර ඉන්දීය කොදෙව්වන් සමග සුහද තරගයකුත් පවත්වල තියෙනව මේ ග්‍රව්න්ඩ් එකේ. පලමු ටෙස්ට් තරගය නම් පවත්වල තියෙන්නෙ 1992දී.
First Test8–13 September 1992: Sri Lanka vAustralia
First ODI31 March 1984: Sri Lanka v New Zealand
මේ ග්‍රව්න්ඩ් එකේදී 1992දී ඔස්ට්‍රේලියාවත් එක්ක ගහපු පලවෙනි ටෙස්ට් මැච් එක ඩ්‍රෝ කරගන්න ශ්‍රී ලංකා පිලට හැකි වුනා. ඔස්ට්‍රේලියාවත් එක්ක මැච් එකක් ඩ්‍රෝ කරනව කියන්නේ ඒ දවස්වල හරියට වල්ඩ් කප් එකක් ගැහුව වගේ තමයි. මොකද දැන් වගේ නෙවෙයි, අපි ඒ දවස්වල ක්‍රිකට් පිටියෙ ලිලිපුට්ටන් කිවුවොත් හර්යටම හරි. හශාන් තිලකරත්න හා අරවින්ද මේ තරගයේදී අර්ද ශතක රැස්කලා. ඇලන් බෝඩත් 100ක් ගැහුව. චම්පක රාමනායක ලකුනු 82කට කඩුලු 5කුත් ලබා ගත්තා.
මුරලිත් 1993දී දකුනු අප්‍රිකාවට එරෙහිව මේ ග්‍රව්න්ඩ් එකේදී ලකුනු 104කට ටෙස්ට් කඩුලු 5ක් අරගෙන තියෙනව.
ඒත් අද වෙනකොටත් මේ ග්‍රව්න්ඩ් එකත් අන්තර්ජාතික තරග සදහා භාවිතයට ගන්නේ නම් නෑ.



මේ අපි කතා කලේ අන්තර්ජාතික තරග එකක් හරි සෙල්ලම් කරපු ග්‍රව්න්ඩ්ස් ගැනයි. මීට අමතරව ලාංකාවේ තවත් ග්‍රව්න්ඩ් කිහිපයක් තියෙනව, ඒව අන්තර්ජාතික මට්ටමට තිබුනත් එකම අන්තර්ජාතික තරගයක් වත් තියන්න වාසනාව නොතිබුන.හැබැයි ඒ නිසාම ඒවට අන්තර්ජාතික් ක්‍රීඩාන්ගන කියල හදුන්වන්නෙත් නෑ. අන්තර්ජාතික තරග තියන්න තරම් වාසනාව නොතිබුනත් මේ ග්‍රව්න්ඩ් ගැනත් කිව්වොත් හොදයි කියල හිතෙනව.  දැන් එහෙනම් බලමු මොනවද ඒ ග්‍රව්න්ඩ් කියල. 


11. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාන්ගනය.

නරඹන්නන් 10000කට පහසුකම් තියෙන මේ ග්‍රව්න්ඩ් එක හදල තියෙන්නේ 1972දී. කුරුණැගල නගරයේම තමයි පිහිටල තියෙන්නේත්.
මෙහි පකිස්තාන කන්ඩායම 1986දී ටෙස්ට් තරගයකට සහභාගී වී ඇතත් එය ජාත්‍යන්තර තරගයක් ලෙස ගනන් ගැනෙන් නෑ.

මෙම තරගයේදී පකිස්තානය වෙනුවෙන් Mohsin Khan 2වන ඉනිමේදි ලකුනු 101ක්ද, "රමේශ් රාජා" (දැන් විස්තර වීචාරය කරන) නොදැවී ලකුනු 50ක්ද, "ජාවේද් මියන්දාද්" ලකුනු 43ක්ද රැස්කර තිබෙනවා. ඒ වගේම "වසීම් අක්‍රම්" හා "ඉම්රාන් කාන්" (පකිස්තාන ලෝක කුසලානය දිනූ නායකයා) කඩුලු 2 බැගින් අරන් තියෙනවා.
මේ ග්‍රව්න්ඩ් එක එවකට, ඒ කියන්නෙ 1980-1990 කාලේ ජාත්‍යන්තර මැච් ගහන්න තරම් හොද තත්වයක තිබුනත් දැන් අදකාලේ අලුතින් හදන ග්‍රව්න්ඩ් වල තියෙන තරම් පහසුකම් නම් නෑ. දැනට ශ්‍රී ලංකා ඒ. තරග, 19න් පහල තරග හා පුහුනු තරග විතරයි පවත්වන්නෙ මෙහි.




12. රදැල්ල ක්‍රිකට් ක්‍රීඩාන්ගනය.

මේ ග්‍රව්න්ඩ් එක තියෙන්නෙ "නුවර එලියේ"  රදැල්ල කියන ප්‍රදේශයේයි. ග්‍රව්න්ඩ් එක අයිති දිඹුල ක්‍රිකට් ක්ලබ් එකටයි.මේ ග්‍රව්න්ඩ් එක නම් ටිකක් දුකත් හිතෙන, ලොකු කතාවක් තියෙන ග්‍රව්න්ඩ් එකක්. අපි අතීත්යෙන්ම පටන් ගනිමුකො.
මේ ක්‍රිකට් ග්‍රව්න්ඩ් එක හදල තියෙන්නෙ 1856 දීයි. ඒ කියන්නෙ දැනට අවුරුදු 160කට කලින්. අපිට ටෙස්ට් වරම් හිමිවෙන්නත් අවුරුදු 124කට කලින්.

මේ තියෙන්නේ 1892දී රදැල්ල ග්‍රව්න්ඩ් එකේ ක්‍රිකට් සෙල්ලම් කරපු හැටි තමයි.


1962 දී මේ ග්‍රව්න්ඩ් එකේදී කදුරට කන්ඩායම හා MCC (Marylebone Cricket Club) පිල අතර ක්‍රිකට් තරගයක් තිබිල තියෙනව. MCC කියන්නෙ එන්ගලන්තයේ Lord's ක්‍රිකට් ග්‍රව්න්ඩ් එකේ හිමිකාරත්වය දරන ක්ලබ් එක. මේ තරගයේදී MCC පිලේ නායකය තමා එන්ගලන්ත ජාතික කන්ඩායමෙත් නායකය වෙලා ඉදල තියෙන්නෙ.

පලමුවරට මේ ග්‍රව්න්ඩ් එකේ අන්තර්ජාතික කන්ඩායමක් මැච් එකක් ගහල තියෙන්නේ 1983 දීයි. ටෙස්ට් තරගයක් වූ ඒ තරගය පැවැත්විලා තියෙන්නෙ නවසීලන්ත කන්ඩායමත් එක්කයි.හැබැයි මේ තරගයත් අන්තර්ජාතික තරගයක් විදිහට සැලකෙන් නෑ. හරියට අර වෙලගෙදර ග්‍රව්න්ඩ් එකේ පකිස්තාන් මැච් එක වගේ. මේ තරගය අවාසනාවකට වගේ සෙල්ලම් කරන්න පුලුවන් වුනේ එක දවසක් විතරයි. වැස්ස නිසා අනිත් දවස් 4ම සේදී ගියා. අපරාදෙ කියල හිතෙනව අති නේද පලවෙනි මැච් එකම වැස්ස නිසා ඩ්‍රෝ කිව්වම. හැබැයි මැච් එක ඩ්‍රෝ වුනාට වඩා ලොකු අපරාදයක් ඒ වැස්ස නිසා වුනා...

ඒ මේහෙමයි, ඉස්සර එන්ගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රටවල් ලංකාවෙ ක්‍රිකට් සෙල්ලම් කරන්න එන්න ටිකක් මැලිකමක් දැක්වූවා. හේතුව තමයි අපේ රටේ තියෙන රස්නය හා වියලි කාලගුනය. අනිත් කාරනය තමයි 70, 80 දශකයේදී අපේ ක්‍රිකට් කන්ඩායමත් නිකන් හරියට දැන සිම්බාම්බෙ කන්ඩායම වගේ. දක්ශතා වලින් ටිකක් විතර අඩුයි. ඉතින් බටහිර රටවල් හිතුව මේ කට්ට අව්වෙ අපිත් එක්ක මැච් ගහල එයාලට මොනවටද කියල.

ඔකට උත්තරයක් විදිහට තමයි එවකට රජයේ ඇමති කෙනෙක් වෙලා හිටපු දිවන්ගත ගාමිනී දිසානායක මැතිතුමා තමන්ගෙ ගම් පලාත වුන නුවර එලියෙ මේ ග්‍රව්න්ඩ් එක හැදුවෙ. හැදුව කිව්වේ, කලින් ඉදන්ම තිබුනු ග්‍රව්න්ඩ් එක ඒ කාලෙ හැටියට නවීකරනය කරල අන්තර්ජාතික මට්ටමට ගෙනාව. නුවර එලිය කියන්නෙ ඉතින් එන්ගලන්තෙ ගියා වගේ තමයිනෙ කාලගුනය අතින් බැලුවම. බටහිර රටවලට තමන්ගෙම රටේ වගේ මැච් සෙල්ලම් කරන්න පුලුවන් විදිහට ඔහු මේ ග්‍රව්න්ඩ් එක ජාත්‍යන්තර තත්වයට ගොඩනැගුව අපේ ක්‍රිකට් බෝඩ් එකත් එක්කම එකතු වෙලා. ග්‍රව්න්ඩ් එකේ තාවකාලික පැවිලියන් හා මාද්‍යය කුටි ඉදිවුනා. ලකුනු පුවරුවක් පවා ඉදි උනා.

ඉතින් ඔහොම ඉදිවුන ග්‍රව්න්ඩ් එකේ පලමු පෙරහුරු තරගය තමයි අර නවසීලන්ත තරගය. මැච් එක බලපු ලෝක පූජිත, ICC Cricket Hall of Fame ලිස්ට් එකට පවා ඇතුලත්ව සිටින (ලංකාවෙන් මේ ලිස්ට් එකට ඇතුලත් වෙලා ඉන්නෙ මුරලි විතරයි/ ඔහුත් දැනට දින කිහිපයකට කලිනුයි ඇතුලත් වුනේ) ක්‍රිකට් ක්‍රීඩකයෙකු වු සර් රිචඩ් හැඩ්ලි කිව්වේ දැන් ලංකාවට එන්ගලන්තයටත් වඩා හොදින් පන්දුව දෝලනය වන ග්‍රව්න්ඩ් එකක් ඇති බවයි.

හැබැයි පලමු තරගයේම වැහැපු  වැස්ස හැම දේටම හරස් උනා. ලංකාවෙ ක්‍රිකට් බලදාරිනුත් මැලිවුනා රදැල්ලට තරග දෙන්න. මොකද නුවර එලියෙ ඉතින් හැමදාම පොඩ්ඩක් හරි වහිනවනේ. අපි මේ කතා කරන්නේ දැනට අවුරුදු 30-35කට කලින් නුවර එලිය ගැන. අද තියෙන කාළගුනය නෙවෙයි එදා තිබුනෙ. අනික තමයි Bad Light. ඉතින් කොහොමද මැච් ගහන්නෙ. ඒ දවස්වල ක්‍රිකට් තරගත් අද කාලෙ වගේ නෑනෙ. අවුරුදු කිහිපයකට සැරයයි ලංකාවෙ සෙල්ලම් කලේ. මොකද අපේ ටීම් එක පිටරට සන්චාර වලටත් ගියානෙ. අනික එන්ගලන්තය, නවසීලන්තය වගේ රටවල් එක්ක ලංකාවෙදි තරග ලැබුනෙත් අවුරුදු ගානකට සැරයයි.

ඉතින් අන්තිමේදි වුනේ රදැල්ලට හම්බෙන්න තිබුනු මැච් ඔක්කොම මහනුවර අස්ගිරියට දුන්න. නුවරඑලියෙන් පස්සෙ ලංකාවෙ අනෙක් පලාත් වලට සාපේක්ශව සීතල කාලගුනයක් තියෙන්නේ මහනුවරයි. හොදට බලන්න, රදැල්ලෙ පලවෙනි මැච් එක ගැහුවෙ 1983දී. අස්ගිරියෙ ටෙස්ට් මැච් ගහන්න පටන් ගත්තෙත් 1983 දිමයි. දැන් තේරෙනවද???

ඒත් කමක් නෑ කියමුකෝ. මොකද මැච් සෙල්ලම් කරන්නත් ඔනිනෙ. හැමදාම වහිනකොට හරියන් නෑනේ. එත් දුක හිතෙන්නේ රදැල්ල ක්‍රිකට් ග්‍රව්න්ඩ් එකට දැන් අත්වෙලා තියෙන ඉරනම දැක්කමයි.



පාලුවට ගිය පිට්ටනියකුයි, ගරාවැටිච්ච ගොඩනැගිලි ටිකකුයි, ලකුනු පුවරුවයි, පිටිය සකසන ගල් රෝලකුයි නම් දැකගන්න පුලුවනි අපිට. තාවකාලිකව ඉදිකෙරුනු ගොඩක් ගොඩනැගිලි හොයාගන්නවත් නෑ දැන්.

හැබැයි 2000 වසරේදී ICC තරග 4ක් පැවැත්විලා තියෙනව මේ ග්‍රව්න්ඩ් එකේ. ඒ 19න් පහල ලෝක කුසලාන තරගයි.
  • Kenya Under-19s v Pakistan Under-19s - January 12, 2000
  • Ireland Under-19s v Netherlands Under-19s - January 19, 2000
  • USA Under-19s v Ireland Under-19s - January 21, 2000
  • USA Under-19s v Netherlands Under-19s - January 23, 2000

2001 අවුරුද්දෙ ඉදන් මේ වෙනකන් අවුරුදු 15ක් පුරාවට කිසිම වැදගත් තරගයක් පවත්වා නෑ මේ ග්‍රව්න්ඩ් එකේ.
ලංකාවෙ මුහුදු මටමේ ඉදන් අඩි 4000කටත් වඩා උසකිනුයි මේ ග්‍රව්න්ඩ් එක පිහිටල තියෙන්නෙ.



මේ ග්‍රව්න්ඩ් 10නුත් කිහිපයක විතරයි අන්තර්ජාතික තරග පවත්වන්නෙ මේ වෙනකොට. අන්තර්ජාතික තරග පැවැත්වීමේ හිමිකම තිබුනට අපි පිලිගන්න ඔනි මේ සමහර ග්‍රව්න්ඩ් වල අද කාලෙට හරියන පහසුකම් නෑ කියල. ඒ නිසාම වෙන්න ඔනි ඒවගේ තරග පවත්වන්නෙත් නැත්තෙ.ඒ උනාට ක්‍රිකට් වලට හදවතින්ම ආස කරන ගොඩක් අය කැමති වේවි මේ ග්‍රව්න්ඩ් ආයෙ පිලිසකර කරල ඉදල හිටල හරි මැච් එකක් ගහනව දකින්න. 

මෙතන තව දෙයක් තියෙනව අමතක නොකල යුතු. ඒ තමයි, එදා අස්ගිරිය නිසා රදැල්ලට උන දේ, පල්ලෙකැලේ නිසා අස්ගිරියට නොවෙන්න වගබලා ගන්න කියල අපේ ක්‍රිකට් මහගෙදර හැමෝගෙන්ම ඉල්ලා සිටිනව. 



පෝස්ට් එක වටිනව කියල හිතෙන අය ශෙයා කරල සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා.
ඒ වගේම ඔයලගෙ අදහසුත් Comment කරන්න මතක් කරල..
අපේ ඇන්ජි ඇතුලු කොල්ලො ටිකට ඔස්ට්‍රේලියාවට 3-0 ගහන්න ලැබෙන්න කියලත් ප්‍රාර්තනා කරනවා. (ප්‍රාර්තනා නම් ඔනිත් නෑ අපේ කොල්ලො අනිවා ගහනවා)




1 comment:

  1. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනයේ Women One Day Official තරඟ ක්‍රීඩා කරලා තියෙනවා.

    ReplyDelete